ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමාගමක් වන OpenAI සහ එහි හිටපු සේවකයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ. තම සමාගමේ වෙළඳ රහස් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඇපල් සමාගම විසින් මෙම නඩුව ගොනු කර ඇත.
ඇපල් සමාගම පෙන්වා දෙන්නේ පාරිභෝගික උපකරණ ක්ෂේත්‍රයට පිවිසීමේ අරමුණින් OpenAI විසින් තම සමාගමට අයත් රහසිගත නිර්මාණ තොරතුරු, අභ්‍යන්තර නිෂ්පාදන ක්‍රියාවලි සහ මූලෝපායික දත්ත ලබාගෙන ඇති බවයි. මෙම තොරතුරු ලබාගැනීම සඳහා ඇපල් සමාගමේ හිටපු සේවකයින් දෙදෙනෙකුගේ සහාය OpenAI සමාගම ලබාගෙන ඇති බවට ද ඇපල් සමාගම චෝදනා කරයි.
මෙම නීතිමය ගැටුම ලෝක තාක්ෂණික වෙළෙඳපොළ තුළ විශාල කතාබහකට ලක්ව ඇති අතර, එය ඉදිරියේදී කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සහ තාක්ෂණික සමාගම් අතර පවතින තරඟකාරිත්වයට සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව විද්වතුන් පෙන්වා දෙයි.
















