දකුණු ස්පාඤ්ඤයේ හටගත් දරුණු ලැව් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 23 දෙනෙකු අතුරුදන් වී තිබේ. ලොස් ගැලාර්ඩෝස් නගරයට ආසන්න බෙඩාර් නම් කුඩා ගම්මානය ආශ්‍රිතව මෙම පිරිසගේ දේහයන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් මියගිය පිරිස අතර බහුතරයක් විදේශිකයන් විය හැකි බවට බලධාරීන් සැක පළ කරති. තුවාල ලැබූවන් අතරින් සිව්දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, තවත් සිව්දෙනෙකු සුළු පිළිස්සුම් සහ අධික දුමාරය ආග්‍රහණය වීමෙන් ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිති.
ලැව්ගින්න වේගයෙන් පැතිර යාම හේතුවෙන් දහස් ගණනක් ජනතාවට තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදුව ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.
















