පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාර කිහිපයක සිදුකළ වැටලීම්වලදී, කල් ඉකුත් වූ විශාල ප්‍රමාණයේ වෛද්‍ය උපකරණ සහ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර ඇත්තේ දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන නගර කේන්ද්‍ර කර ගනිමින් දෙදිනක් පුරායි. එහිදී, භාවිතයට නුසුදුසු මට්ටමේ පවතින විවිධ වෛද්‍ය සැපයුම් සහ කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය රසායනාගාර තුළ ගබඩා කර තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.
වෛද්‍යමය කටයුතු සඳහා මෙවැනි කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කිරීම බරපතළ නීතිමය උල්ලංඝනයක් බව බලධාරීන් අවධාරණය කරයි. මෙම සොයාගැනීම්වලින් පසු, අදාළ රසායනාගාරවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරන බව තහවුරු කර ඇත.
















