මහනුවර දිගන වික්ටෝරියා ගොල්ෆ් ක්රීඩාංගණයේදී පැවැති ‘E-Wis’ ශූරතාවලිය ජයග්රහණය කළ ප්රබල ගොල්ෆ් ක්රීඩක එන්. තන්ගරාජා, සිය ජයග්රහණය පිටුපස ඇති සැබෑ ශක්තිය පිළිබඳව සංවේදී අදහසක් පළ කළේය.
දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේ නව වාර්තාවක් තබමින් සමස්ත ලකුණු 209ක් ලබා ගනිමින් තරඟාවලිය ජයග්රහණය කළ තන්ගරාජා සඳහන් කළේ, තමා වසර ගණනාවක් විදෙස්ගතව තරඟාවලි නියෝජනය කරන විට තමාට විශාලම ශක්තියක් වූයේ තම බිරිඳ බවයි.
“මම අද මේ ජයග්රහණය ලබන්නේ මගේ බිරිඳ නිසයි. ඇය මට ලබාදෙන සහයෝගය අතිමහත්. වසර ගණනාවක් මම රටින් පිටත රැඳී සිටිමින් තරඟාවලිවලට සහභාගී වෙද්දී, ඇය මට ලබාදෙන ඒ විශාල සහයෝගය සහ ශක්තිය නිසා තමයි මට සැහැල්ලුවෙන් ක්රීඩා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලංකාවේ ඉඳන් ඇය මට ලබාදෙන ඒ සහයෝගය මම හරිම අගය කරනවා. ඇය ඇත්තටම හරිම ශක්තිමත් කාන්තාවක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
දින තුනක් පුරා පැවැති මෙම තරඟාවලියේදී සිය දක්ෂතා තුළින් ඉතිහාසයක් ලියූ තන්ගරාජා, සිය සාර්ථකත්වය වෙනුවෙන් තම බිරිඳගේ කැපවීම සහ සහයෝගය මෙලෙස ප්රසිද්ධියේ ඇගයීමට ලක් කිරීම ක්රීඩා ලෝලීන්ගේද අවධානයට ලක් විය.
















