ජාතික ජනබලවේගයට බලය හිමි රයිගම්, උඩුගහපත්තුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඩී.එස්.කේ. වන්නිආරච්චි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් යොමු කළ ලිපිය මඟින් ඒ මහතා පෙන්වා දෙන්නේ, දැනට එම සමූපකාර සමිතිය දැඩි දේශපාලන බලපෑමකට ලක්ව ඇති බවයි. මෙවැනි දේශපාලන බලපෑම් හමුවේ කටයුතු කිරීමට තමාට හැකියාවක් නොමැති බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම සමූපකාර නීති පිළිබඳ මනා අවබෝධයක් නොමැති පුද්ගලයින් හමුවේ රූකඩයක් ලෙස කටයුතු කරමින් සභාපති ධුරය හෑල්ලුවට ලක් කිරීමට තමා තුළ ඇති අකමැත්ත ද මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවක් බව ඔහු පවසා ඇත.
















