වසර 200කට ආසන්න කාලයක සිට මෙරට පවතින පැරණි කම්කරු නීති පද්ධතිය වර්තමාන ලෝකයට සහ රැකියා ස්වභාවයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය පවසයි.
ලංකා බැංකු සේවක සංගමයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
වර්තමානය වන විට රැකියාවල ස්වභාවය සහ සේවා කොන්දේසි විශාල වෙනස්කම්වලට ලක්ව ඇති බැවින්, යල්පැනගිය නීති රීති පද්ධතියක් තුළ කටයුතු කිරීම ගැටලුකාරී වී ඇති බව කොමසාරිස් ජනරාල්වරිය පෙන්වා දෙයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ කම්කරු නීති නවීකරණය කිරීමේ අවශ්‍යතාවය මැනවින් හඳුනාගෙන, එම නීති සංශෝධන කටයුතු මේ වන විට අවසන් මට්ටමට ගෙනවිත් තිබේ.
මෙම නවීකරණය හරහා සේවක අයිතිවාසිකම් සහ වත්මන් රැකියා වෙළඳපොළේ අවශ්‍යතා වඩාත් සාධාරණ ලෙස සමතුලිත කර ගැනීම අපේක්ෂිතයි.
















