මාර්ගය භාවිතා කරන අවස්ථාවේ ජංගම දුරකථනය භාවිත කිරීම ඔබේ ජීවිතයට බරපතළ අවදානමක් ඇති කළ හැකිය. විශේෂයෙන් මාර්ගය හරහා ගමන් කරන විට දුරකථනයට පමණක් අවධානය යොමු කිරීමෙන් වටපිටාවේ සිදුවන වෙනස්කම් සහ වාහන පිළිබඳ අවබෝධය ඔබට නොපෙනී යා හැකිය.
මෙම නොසැලකිල්ල රියදුරන්ට මහත් අපහසුතාවක් ඇති කරන අතර, ඔබව බරපතළ අනතුරකට ලක් කිරීමට හෝ ජීවිත හානියකට පවා හේතු විය හැකිය.
තත්පරයක නොසැලකිල්ලකින් ඔබේ ජීවිතයම වෙනස් විය හැකිය. මාර්ගයේදී සෑම විටම අවට පරිසරය පිළිබඳ පූර්ණ අවධානයෙන් සිටින්න. ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ඔබේම වගකීමකි.
















