දශක ගණනාවක පශ්චාත් යුද වාතාවරණය හමුවේ යටිතල පහසුකම් අවම මට්ටමක පැවති මුලතිව් දිස්ත්‍රික්කයේ, තෝරාගත් ප්‍රධාන ක්‍රීඩාංගන තුනක් ප්‍රතිසංස්කරණය කර ජාතික මට්ටමට නංවාලීමේ ව්‍යාපෘතිය පසුගිය 11 වනදා නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීම සිදු වූයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම ව්‍යාපෘතිය යටතේ වෙන් කෙරුණු මූල්‍ය ප්‍රතිපාදන මගින් ක්‍රීඩා පිටිවල ධාවන පථ, මලල ක්‍රීඩා සහ අනෙකුත් අත්‍යවශ්‍ය නවීන පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය. මින් පෙර නිසි පුහුණු පහසුකම් නොමැතිකම නිසා ජාතික තලයට පැමිණීමට නොහැකි වූ උතුරේ දක්ෂතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ඔප් නංවා ගැනීමට මින් අවස්ථාව සැලසෙනු ඇත.
ක්‍රීඩා සංවර්ධනය ප්‍රධාන නගර කිහිපයකට පමණක් සීමා නොකර, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් ලබාදීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. දශක ගණනාවකට පසු මුලතිව් තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන විශාලතම ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය මෙය වන අතර, එමගින් තරුණ පරපුර තුළ විනය, නිරෝගීභාවය සහ ජාතික සමගිය තහවුරු වනු ඇති බව වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතා සඳහන් කළේය.
රටේ සමස්ත තරුණ පරපුරට සාධාරණත්වය ඉටුකරමින්, උතුරටත් දකුණටත් එක ලෙස ලස්සන ජීවිතයක් සහ යහපත් අනාගතයක් නිර්මාණය කර දිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















