ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව මැඩපවත්වා තිබේ. ප්‍රහාර හේතුවෙන් රට පුරා පිපිරීම් හඬ ඇසුණු අතර, බලධාරීන් වහාම ක්‍රියාත්මක වී ජනතාව වෙත ආරක්ෂක උපදෙස් ලබා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ කටාර් සහ බහරේන් රාජ්‍යයන් තම ආරක්ෂක අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නංවා ඇති අතර, තම පුරවැසියන් සහ පදිංචිකරුවන් හට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් දැඩිව උපදෙස් ලබා දී තිබේ. බහරේන් රාජ්‍යයේ ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සයිරන් නාද සක්‍රිය කර ඇති අතර, කටාර් රාජ්‍යය ද ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර තම මිලිටරි පද්ධති මගින් අන්තර්මගදී විනාශ කළ බව තහවුරු කරයි.
පසුගිය කාලය පුරා පැවති උණුසුම් තත්ත්වය මත, අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් අලුයම සිදු කළ නව ප්‍රහාර මාලාවකින් අනතුරුව මෙම ප්‍රතිප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















