මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සමුළුවක් සාර්ථකව නිමාවට පත්ව ඇත. කොළඹ “නිල මැදුර” පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම සමුළුව පැවැත්විණි.
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින්, ජනතාවට ඉටු කෙරෙන රාජ්‍ය සේවාවන් තවදුරටත් විධිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඉදිරියේදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව සැලසුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍ය සේවකයින්ගේ වගකීම් සහ සේවාදායකයින්ගේ අවශ්‍යතා වඩාත් කඩිනමින් ඉටු කිරීම සඳහා මෙම නව වැඩපිළිවෙල මගින් පියවර ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















