මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, හෙට (13) සිට නඩු කටයුතු සඳහා මුහුණ දීමට සිටින අදාළ රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් අනතුරුව රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණු අතර, ඔවුන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාමේදී මතු වූ ප්‍රවාහන හා ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, එම ගැටුමෙන් බන්ධනාගාරයට සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.
















