මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා හෙට (13) දින බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය හේතුවෙන් දැනෙන උණුසුම් බව ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කර ශරීරයේ ජල මට්ටම පවත්වා ගන්නා ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අඩු කරන ලෙසත්ය. දවසේ උණුසුම වැඩිම කාලවලදී එළිමහන් ක්‍රියාකාරකම් සහ වෙහෙසකර ව්‍යායාම සීමා කිරීම වැදගත් වේ. ළමයින්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් විශේෂ ආරක්ෂාවක් සහ සිසිල් ස්ථානයක රැඳීමට කටයුතු කළ යුතුය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තත්ත්වය නිරීක්ෂණය කරන අතර, අවශ්‍ය වුවහොත් තවදුරටත් යාවත්කාලීන තොරතුරු නිකුත් කිරීමට නියමිතය.















