පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී මාස හතකට අධික කාලයක් ගතවී ඇතත්, කන්දකැටිය, උල්පතාගම ප්‍රදේශයේ පවුල් 27කට තවමත් ස්ථිර නිවාස පහසුකම් ලැබී නොමැත.
කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල්වලට අමතරව තවත් නිවාස රැසකට අර්ධ වශයෙන් හානි සිදුවිය. ව්‍යසනය සිදුවී මාස අටකට ආසන්න කාලයක් ගතවී ඇතත්, නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීමට හෝ නැවත ගොඩනඟා ගැනීමට ප්‍රමාණවත් සහනයක් තමන්ට ලැබී නොමැති බව පීඩාවට පත් ජනතාව පවසති.
නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල් 27 කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා දිනුම් ඇදීමේ ක්‍රමවේදයක් මගින් ඉඩම් වෙන් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ ද, එම කටයුතු තවමත් නිසි පරිදි අවසන් වී නොමැති බවද ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
















