ඉරානයේ හමුදා ශක්තිය අඩපණ කිරීමේ අරමුණින් එරට දකුණුදිග ප්‍රදේශවල පිහිටි හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා විසින් සිව්වන වරටත් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළේ මෙම මෙහෙයුම රාත්‍රී කාලයේදී සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.
මෙම ප්‍රහාර මාලාව සඳහා ප්‍රහාරක යානා සහ මිසයිල බහුලව භාවිතා කර ඇති අතර, ඉරාන හමුදා මෙහෙයුම්වලට අදාළ යටිතල පහසුකම් මෙහිදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත. පර්සියානු බොක්ක සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි බන්ඩර් අබ්බාස්, සිරික් සහ බුෂෙහ්ර් (Bushehr) යන වෙරළබඩ නගරවල ප්‍රබල පිපිරීම් සිදුවූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කර තිබේ.
වාර්තා වන අන්දමට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් පාලනය කරනු ලබන රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂක පද්ධති සහ වේගවත් ප්‍රහාරක නාවික මධ්‍යස්ථාන මෙම ප්රහාරවලදී දැඩි ලෙස හානි වී ඇත.
















