පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පාසල් සිසුන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම පියවරට අමතරව, නිසි ප්‍රමිතියෙන් යුත් මදුරු විකර්ෂක භාවිත කිරීම සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කරන ලෙසද අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා ඇත. ඩෙංගු මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
















