නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ජූලි 12 දින යක්කල පොලිස් වසමේ වනගතවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා පෝඩා ලීටර් 5076ක් සහ සකස් කළ නීති විරෝධී මත්පැන් ලීටර් 33.5ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 51ක් වන ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















