මහනුවර රදගුරු අතිඋතුම් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් රචිත “Out of the Depths – A Collection of Articles” ග්‍රන්ථය පසුගියදා කොළඹ 07, ග්‍රෑන්ඩ් මෙරිඩියන් හෝටලයේදී එළිදක්වන ලදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ රදගුරු පදවි සේවයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් මෙම කෘතිය එළිදක්වනු ලැබීය. හිමිපාණන් විසින් විවිධ අවස්ථාවල රචනා කරන ලද ලිපි එකතුවක් වන මෙය, මිනිස් ජීවිතයේ අර්ථය, විශ්වාසය, බලාපොරොත්තුව සහ අභියෝග හමුවේ ආලෝකය සොයා යන ආධ්‍යාත්මික ගමන පිළිබඳ ගැඹුරු චින්තනයන්ගෙන් සමන්විත වේ.
මිනිසාගේ ආගමිකත්වය හා භක්තිය, මානසික සුවතාව, අන්තර් ආගමික සංවාදය, සභාවේ මෙහෙවර, තිරසර සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ පාරිසරික අඛණ්ඩතාව වැනි වර්තමාන සමාජයට ඉතා වැදගත් කරුණු රැසක් මෙම කෘතිය තුළින් විග්රහ කෙරේ.
මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සඳහා කොටුව ශ්‍රී ලංකාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ, ආචාර්ය විනාගල පඥ්ඥාලෝක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර, විශේෂඥ වෛද්‍යවරුන් වන රුවන් ඒකනායක, ක්‍රිෂාන්ත මෙන්ඩිස්, අජිත් කරුණානායක, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර, මහනුවර කලාප අධ්‍යාපන අධ්යක්ෂ සුජානි ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පියතුමන්ලා සහ විශාල පිරිසක් සහභාගි වූහ.
















