ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ සබ්රා ප්‍රදේශයේ පිහිටි කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පමණක් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි.
අදාළ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන ඇති අතර, ඔවුන් සඳහන් කරන්නේ එම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ සතුරු යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර බවයි. කෙසේ වෙතත්, පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වෙත ද ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
















