යාපනය – මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හන්දිය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මන්නාරම දෙසට ධාවනය වූ බස් රථයක් දකුණු දෙසට හැරවීමට යාමේදී, එම දෙසටම පිටුපසින් ගමන් කළ යතුරුපැදියක් බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මුලින්ම පුනරීන් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ.
මියගිය තරුණයා පේදුරුතුඩුව (පෙලිකඩ) ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















