ඉරාන හමුදාව සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් “කලාපයේ සතුරු කඳවුරු” ලෙස නම් කළ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය අද (13) වාර්තා කරයි.
මෙම ප්‍රහාර මාලාව හරහා බහරේනය, කුවේට් සහ ජෝර්දානය යන රටවල පිහිටි ගුවන් හමුදා සහ මිලිටරි පහසුකම් ඉලක්ක වී ඇති අතර, ඉරාන හමුදා නිලධාරීන් උපුටා දක්වමින් රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ මෙය තම රටට එල්ල වූ අභියෝගවලට එරෙහිව ගත් පියවරක් බවයි.
ප්‍රහාරවලින් ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ ඉන්ධන සහ පතොරම් ගබඩා මෙන්ම, බහරේනයේ ෂෙයික් ඊසා ගුවන් කඳවුරේ ඇමරිකානු මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ගුවන් යානා අංගනවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය පැය 48ක කාලය තුළ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය උත්සන්න කරමින් සිදු වූ මෙම ප්‍රහාර මාලාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇති අතර, සිදුවූ සමස්ත හානිය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කෙරේ.
















