“පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාවගේ ගමනාගමන සහ භාණ්ඩ ප්‍රවාහන දුෂ්කරතා විසඳීම අරමුණු කරගනිමින්, නව ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් හෙට (14) දිනයේ ආරම්භ කෙරේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දියත් කරන මෙම සිව් අවුරුදු ව්‍යාපෘතිය සඳහා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන මට්ටමින් වාර්තා ලබාගෙන පාලම් 881ක් තෝරාගෙන ඇත. 2026 අයවැය මගින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050ක වියදමින් පාලම් 100කට අධික සංඛ්‍යාවක් ඉදිවීමට නියමිතය.
ව්‍යාපෘතියේ ප්‍රධාන සමාරම්භක උත්සව දෙකක් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වේ:
කුරුණෑගල, රිදීගම: රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
හම්බන්තොට, සූරියවැව: පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සහ ජන ජීවිතය නගා සිටුවීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
















