නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගය (සජබ) මන්ත්‍රීවරයාව අද (13) යළි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මීටියාගොඩ පිහිටි සැකකාර මන්ත්‍රීවරයාගේ නිවසේදී රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමඟ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සිය දැඩි අවධානය යොමු කර තිබේ. පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වාර්තාවක් කැඳවා ඇති බවත්, එය අ
















