විශේෂ කාර්ය බලකායේ (STF) ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් දොම්පේ, ජම්බුගහහන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9කට අධික තොගයක් සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී ‘ජෝන් බට්ටෝ’ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 3ක්, ෆියුස් (Fuse) 4ක්, කඩු 5ක් සහ M-16 ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 20ක් ද සොයාගෙන ඇත.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ගේ මත්ද්‍රව්‍ය ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බවයි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
















