මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් දෙකෝටි හතළිස් නව ලක්ෂයකට අධික ($24,921,537/=) දැවැන්ත මුදලක් ඊසි කෑෂ් (Easy Cash) ක්‍රමයට සංසරණය කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදි සිදුකළ මහා පරිමාණ ජාලයක ප්‍රධාන සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
2025 දෙසැම්බර් මස අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් හරහා රුපියල් ලක්ෂ 49ක් සංසරණය වූ සිද්ධියක් මුල් කරගනිමින් මෙම විමර්ශන ආරම්භ වී ඇත. පසුව ඇප මත සිටි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, මෙම අතිදැවැන්ත ජාවාරම් මුදල් වලපනේ තරුණයාගේ දුරකථන අංකයට ඊසි කෑෂ් කර ඇති බව හෙළි විය. මොහු විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර, අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
















