ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්රයේ ඩිජිටල්කරණය උදෙසා තබන සුවිශේෂී පියවරක් ලෙස, “සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය” නිල වශයෙන් දියත් කිරීම අද (ජූලි 14) පෙරවරු 9.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකිරීමට නියමිතය.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරනු ලබන මෙම උත්සවය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ද සහභාගි වීමට නියමිතව ඇත.














