කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති මහවැලි උපදේශන කාර්යංශය, මහවැලි කේන්ද්‍රය සහ මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන ‘Euphoria Ceylon’ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා විදෙස් සංචාරකයින්ගෙන් විශාල ප්‍රතිචාරයක් හිමිව තිබේ.
මෙම වැඩසටහන මගින් විදෙස් සංචාරකයින්ට ලාංකීය සංස්කෘතිකාංග සහ හෙළ කලා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. මෑතකදී මහවැලි කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී, ‘Euphoria Cultural Experience Labs’ හරහා දේශීය බතික් කලා නිර්මාණයන් ප්‍රායෝගිකව අත්විඳීමට සහ දේශීය නර්තනාංග නැරඹීමට සංචාරකයින්ට හැකි විය.















