2006 වසරේ සිට ක්‍රියාත්මක වූ ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය, වර්තමාන සමාජ හා ආර්ථික පරිවර්තනයන්ට අනුකූලව යාවත්කාලීන කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් දේශීය විශේෂඥ දැනුම, පෞද්ගලික අංශයේ දායකත්වය, වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරගකාරී නිෂ්පාදනය සහ පරිසර හිතකාමී සංවර්ධනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ජීවනෝපායන් නංවාලීම සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික දායකත්වය ලබා ගනිමින් මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.















