‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ඉදිකෙරෙන කුඩා පාලම් 881 ක විශේෂ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස, කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ඔරුගොඩවත්ත – කර්මාන්තපුර දෙපා ඇල හරහා පිහිටි පාලම නැවත ඉදිකිරීම අද (2026.07.14) ආරම්භ කෙරිණි.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ. රුපියල් ලක්ෂ 93ක පිරිවැයකින් මෙම පාලම ඉදි කිරීමට නියමිතය.
මෙය සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කර ඇති අතර, 2026 වසර තුළ පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050ක වියදමින් රට පුරා පාලම් 100ක් සංවර්ධනය කෙරේ. නාගරික සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මගින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආර්ථිකය නගා සිටුවීම රජයේ අපේක්ෂාවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, කොලොන්නාව ආසනයේ පවතින ගංවතුර ගැටලුවලට විසඳුම් ලබා දීම සහ ප්‍රදේශ අතර සම්බන්ධතා ඇති කිරීම මෙම පාලම් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු බවයි. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශපාලන මැදිහත්වීමෙන් තොරව, නිලධාරීන්ගේ කැපවීම මත විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.













