රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (14) නියෝග කළේය.
පෞද්ගලික අලෙවි ආයතනයකට අයත් වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය ලේඛන කඩිනමින් ලබාදීමේ පොරොන්දුව මත සැකකරුවන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. සිද්ධියට අදාළ දෙවන සැකකරු ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර, සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.













