මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (14) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති කාන්තා සහ ළමා අනුකමිටු රැස්වීමට එක්වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, දැනට පරිවාස භාරයේ සිටින දරුවන් අතරින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ හැකි දරුවන් පිළිබඳ වාර්තාවක් සකස් කර, රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ඔවුන්ට නිපුණතා ලබාදී නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරියට උපදෙස් ලබා දුන්නාය.
පරිවාසගත දරුවන් නැවත සමාජයට එක්වීමේදී ස්වාධීන, වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ජීවිතය ගොඩනඟා ගැනීමට සහාය වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මීට අමතරව දිස්ත්‍රික්කයේ කාන්තාවන් හා දරුවන් සම්බන්ධ දත්තවල පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීමටත්, ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමටත් අමාත්‍යවරිය මෙහිදී තීරණය කර ඇත.













