A9 මාර්ගයේ මැදවච්චිය, වහමලුගොල්ලෑව ප්‍රදේශයේදී අද (14) පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් 32 හැවිරිදි යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුව ඇත්තේ කොටගල සිට වවුනියාව දෙසට ධාවනය වූ ලොරි රථයක සහ මැදවච්චිය සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි. මියගිය පුද්ගලයා වහමලුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදිකරු අධිකරණ කටයුත්තකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටියදී යතුරුපැදියේ පාලනය ගිලිහී විරුද්ධ මන්තීරුවට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මැදවච්චිය පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.













