කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දින වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාග,හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
තද සුළං හේතුවෙන් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වැසි අපේක්ෂා කරන ප්‍රදේශවල ජනතාවට ද සුදුසු පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.
















