වයඹ පළාතේ පාසල්වල 6 සිට 11 දක්වා ශ්‍රේණි සඳහා පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වාර විභාග දිනවල සංශෝධනයක් සිදු කර ඇති බව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට පෙර සැලසුම් කර තිබූ පරිදි අද (15) දිනයේ සිට ජූලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාග කටයුතු ජූලි මස 21 වන දින සිට ජූලි 24 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
මෙයට පෙර වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 – 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය ජූලි 09 සිට ජූලි 17 දක්වාත්, 10 – 11 ශ්‍රේණි සඳහා ජූලි 09 සිට ජූලි 20 දක්වාත් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
















