රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ රෝහල් පරිපාලනය වඩාත් කාර්යක්ෂම කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) තනතුරු 228ක් සඳහා පත්වීම් ලබා දීමට නියමිතය.
මෙම පත්වීම් ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (ජූලි 16) පෙරවරු 10.30ට කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගෙන ඇති ඉදිරි පියවරයන් කිහිපයක් පවතී. ඒ අනුව ජූලි 18 දින සෞඛ්‍ය කාර්ය සහායක (SKS) පත්වීම් 600ක් සහ අගෝස්තු 01 දින සෞඛ්‍ය කාර්ය සහායක (SKS) පත්වීම් 762ක් ලබා දීමට නියමිතය. තවද, ඉදිරි දෙසතිය තුළ ඩෙංගු මර්දන සහායක පත්වීම් 295ක් සහ සුළු සේවා පාලක (Overseers) පත්වීම් 121ක් ලබා දීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
වෘත්තීය සමිති සහ පාර්ශ්වකරුවන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුමක් ලෙස, අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම පත්වීම් විනිවිදභාවයකින් යුතුව ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මීට පෙර, බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට පසුගිය ජූලි 04 වන දින පත්වීම් ප්රදානය කෙරිණි.
















