කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් බිම්මල් වගාව සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
මෙම නව රක්ෂණ ක්‍රමය යටතේ බිම්මල් වගා මධ්‍යස්ථානයක ඇති බිම්මල් බෑග් 250ක් සඳහා මාස තුනක කාලයකට රුපියල් 2,025ක පමණ වාරිකයක් ගෙවීමෙන් රක්ෂණ ආවරණය ලබාගත හැකිය. රෝග හෝ කෘමි උවදුරු හේතුවෙන් බිම්මල් වගාවට හානි සිදුවුවහොත් රුපියල් 22,500ක වන්දි මුදලක් ලබා දීමට නියමිතය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුව වගා කටයුතු සිදුකරන ගොවීන් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවේ.
අපේක්ෂිත අලාභහානිවලින් බිම්මල් වගාකරුවන් ආරක්ෂා කර ගැනීම සහ මෙම කර්මාන්තය දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















