යාපනය ප්‍රදේශයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරියෙකුට පහර දීමේ සිදුවීමක් වාර්තා වේ. පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සැකකරු මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අයෙකි. සඳුදා දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර ඇත. අධිකරණ නියෝගයෙන් අනතුරුව ඔහුව නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු බන්ධනාගාර නිලධාරියාට පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
















