පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ අසභ්‍ය ප්රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙන බව
එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති ටී.එම්. සුරවීර, ප්‍රධාන ලේකම් වී. ක්‍රිෂ්ණමූර්ති සහ භාණ්ඩාගාරික පී.බී. දෙල්පිටිය යන මහත්වරුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණි. එහිදී ලබාදුන් ප්රකාශයන්ට අනුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති බව බලමණ්ඩලය තහවුරු කරයි.
විශ්වවිද්‍යාලයේ ගෞරවය, කීර්තිනාමය සහ කාර්ය මණ්ඩලයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු සියලු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම බලමණ්ඩලය කටයුතු කරමින් සිටී.
















