නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලටත් තද සුළං පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම හෙට (ජූලි 16) පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වෙන අතර, අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50ත් අතර තද සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ. තද සුළං සහිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට සහ අවදානම් සහගත ප්‍රදේශවල කටයුතු කිරීමේදී දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















