උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කිලෝමීටර් 27.7ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) නිල වශයෙන් අවසන් කෙරිණි. මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සැමරීමේ උත්සවය අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.
2022 වසරේදී ආරම්භ වූ මෙම උමග සඳහා TBM යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් කැනීම් සිදුකරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් උතුරු සහ උතුරු මැද පළාත්වල හෙක්ටයාර 74,000ක වගාබිම් සඳහා වාරි ජලය සැපයෙන අතර, මිලියන 1.5ක ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය ද සපුරාලනු ඇත. විශේෂයෙන්ම, රජරට ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් පුරා පීඩා විඳි හඳුනා නොගත් වකුගඩු රෝගයට මෙම ව්‍යාපෘතිය හරහා සාර්ථක විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















