රාජ්‍ය බදු ආදායම පුළුල් කරගැනීමේ අරමුණින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ශ්‍රී ලංකාවේ දේපළ බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගැනීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මූල්‍ය අරමුදලේ මෙම නිර්දේශය මීට පෙර පැවති රජය සහ වත්මන් රජය විසින් කිහිප අවස්ථාවකදීම කල් දමා තිබුණි. කෙසේ වෙතත්, මීළඟ ණය වාරිකය ලබා ගැනීමට පෙර රාජ්‍ය බදු ආදායම වර්ධනය කරගැනීම සඳහා මෙම බද්ද ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, මෙම දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.
















