මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑම් කළ හැකි ප්‍රබල එල්නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව 81%ක ඉහළ අගයකට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ජාත්‍යන්තර කාලගුණ පුරෝකථන ආයතන මගින් නිකුත් කර ඇති නවතම දත්ත පදනම් කර ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මෙම කරුණු තහවුරු කළේය. මෙම කාලගුණික සංසිද්ධිය නිසා වසරේ අවසාන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ කාලගුණ රටාවන්හි සැලකිය යුතු වෙනස්කම් සිදුවීමේ පැහැදිලි ප්‍රවණතාවක් පවතින බව විශේෂඥයින් පෙන්වා දෙයි.
















