ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කරමින් රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සොයුරු සරත් වීරවංශ මහතා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සරත් වීරවංශ මහතාව මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරන බව මූල්‍ය අපරාධ විමර්ශන අංශය මීට පෙර, එනම් පසුගිය ජූනි මස 10 වැනිදා පැවැති නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබුණි.
එම නඩු වාරයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් මත සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය මීට පෙර පියවර ගෙන තිබුණි.














