ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී සොරකම් කරන ලද මාස 3.5ක් වයසැති බළල් පැටවෙකු යොදාගනිමින් බැංකුවක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරු මුලින්ම සුරතල් සතුන් අලෙවි සැලකට ඇතුළු වී “මැග්නෝලියා” නමැති බළල් පැටවාව සොරකම් කරගෙන ඇත. අනතුරුව ඔහු අසල පිහිටි බැංකුවකට ගොස්, එහි සේවකයෙකුට එම බළල් පැටවාව අල්ලාගෙන සිටින ලෙස පවසා, බැංකු නිලධාරියා වෙත මුදල් ඉල්ලා ලිපියක් ලබා දී තිබේ.අදාළ වෙළෙඳසැල් සේවකයන් සඳහන් කළේ, මෙම පුද්ගලයා පසුගිය සති දෙකක පමණ කාලයක් දිනපතාම එම වෙළෙඳසැලට පැමිණ මෙම බළල් පැටවා දෙස නිරන්තරයෙන් බලා සිටි බවයි. අවසානයේදී ඔහු කතුරක් හෝ යතුරක් භාවිතයෙන් බළලුන් තබා සිටි කොටුව විවෘත කර සතා රැගෙන පලා ගොස් ඇත.
පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු බැංකුව තුළදීම අත්අඩංගුවට ගත් අතර, බළල් පැටවා බැංකු කළමනාකරුගේ කාර්යාලයේ ආරක්ෂිතව සිටියදී සොයා ගැනීමට හැකි විය. “මැග්නෝලියා” මේ වන විට ආරක්ෂිතව පසුවන අතර, ඇයව දරුකමට හදා ගැනීමට කැමති අයෙකු සොයමින් සිටින බව සත්ව සුභසාධන සංවිධානයක් පවසයි.
















