කොංගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ (DRC) ව්‍යාප්ත වෙමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන්, එම රටේ රැඳී සිටින ඇමෙරිකානු පුරවැසියන්ට සහ ජාතිකයන්ට වාණිජ ගුවන් ගමන් හරහා වහාම ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නව රෙගුලාසිවලට අනුව, පසුගිය දින 21ක කාලය තුළ කොංගෝවේ රැඳී සිටි ඕනෑම පුද්ගලයෙකුට ඇමෙරිකානු ගමනාන්තයන් සහිත ගුවන් ගමන් සඳහා බෝඩින් වීමට (boarding) අවසර නොලැබේ. කොංගෝවේ සිටින ඇමෙරිකානු පුරවැසියන් ඇමෙරිකාවට ඇතුළු වීමට පෙර දින 21ක කාලයක් වෙනත් රටක රැඳී සිටීම අනිවාර්ය කර ඇත.
කොංගෝවේ පළාත් කිහිපයක පැතිර යන මෙම ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 1,926ක් වන අතර, මරණ 702ක් සිදුවී ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.
මෙම “ගුවන් ගමන් තහනම්” (do-not-board) ප්‍රතිපත්තිය අභිවහනය කරමින් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉබෝලා ආසාදනය වීමේ අවදානමක් නොමැති ඇමෙරිකානු පුරවැසියන්ට පවා සිය රටට පැමිණීම වැළැක්වීම පෙර නොවූ විරූ ක්‍රියාමාර්ගයක් බවයි. මෙම නව ප්‍රතිපත්තිය හේතුවෙන් සංචාරකයන් සිය ගමන් මාර්ග සැඟවීමට පෙළඹිය හැකි බවත්, ඉබෝලා වැනි වසංගත පාලනයට සහාය දැක්වීමට ඇමෙරිකානු විශේෂඥයන් කොංගෝව වෙත යැවීම දුෂ්කර වන බවත් ද රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආචාර්ය ඩැනියෙල් ජර්නිගන් පවසයි.
















