ඩෙංගු රෝගය මර්දනය කිරීමේ වැදගත්කම ජනතාවට වඩාත් සමීපව සහ ආකර්ෂණීය ලෙස අවබෝධ කර දීමේ අරමුණින්, තරුණ තරුණියන් පිරිසක් විසින් නාවලපිටිය නගර මධ්‍යයේදී වීදි නාට්‍යයක් රඟ දක්වනු ලැබීය.
නාවලපිටිය නගර සභාවේ සහ පස්භාගේ කෝරලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව නාවලපිටිය නගරයේ ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මෙම තරුණ පිරිස නාවලපිටිය නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකදීම මෙම වීදි නාට්‍යය රඟ දක්වමින්, පරිසරය පිරිසිදුව තබා ගැනීමේ සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළහ.
















