රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි දිනය අද (16) පැවැත්වේ. පුරා දින 15ක් පුරා පැවැත්වෙන මෙම පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර ඊයේ (15) රාත්‍රී 8.15ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ විය.
මෙවර පෙරහැර මංගල්‍යයේ කතරගම දේව ප්‍රතිමාව වාසනා හස්තියා මත වැඩම කරවීම සිදු කෙරුණු අතර, උඩරට සහ පහතරට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් පෙරහැර විචිත්‍රවත් විය. පෙරහැර දැක බලා ගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටින අතර, ප්‍රධාන වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර වල්ලි අම්මා දේවාලයට ගෙවැදී පුරාණ පුද සිරිත් ඉටු කිරීමෙන් අනතුරුව අවසන් වේ.














