ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවහොත්, රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමට සූදානම් වන ලෙස ඉරානය විසින් යේමනයේ හූති සංවිධානයෙන් ඉල්ලා ඇති බව රොයිටර්ස් පුවත් සේවය අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරයි. මෙම සැලසුම පිළිබඳව ඉරානයේ නායකත්වය තුළ දැනටමත් සාකච්ඡා වී ඇති බවත්, එම උපදෙස් ඉරානයේ මිත්‍ර පාර්ශවයක් වන හූති සටන්කාමීන් වෙත දැනටමත් ලබා දී ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














