කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (17) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් සහ මුලතිව්, වවුනියාව, මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකෙන ලෙසත් දැනුම් දෙනු ලැබේ. තවද, සැහැල්ලු ඇඳුම් භාවිත කිරීමටත්, වයෝවෘද්ධ පුද්ගලයන්, කුඩා දරුවන් සහ රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.













