දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් යොදවා පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේය. “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ වන විට වයස අවුරුදු 21ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පාසල් යන සහ නොයන ගැහැනු දරුවන් 161 දෙනෙකු ද සිටින බව වාර්තා වේ. දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම, නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල් පසුබිම්, දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෝ දෙමව්පියන් විදේශගත වීම යන කරුණු හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින එවැනි දරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලු කටයුතු දැනටමත් සිදු කරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.













