ඇතැම් රෝගීන් විවිධ ශාකමය පාන වර්ග පානය කිරීමට යොමුවීම හේතුවෙන් ඩෙංගු රෝගය නිවැරදිව හඳුනාගෙන රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නිල්වලා ජයසිංහ මහත්මිය පවසයි. රෝග ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, එවැනි ශාකමය පාන වර්ග නිසා රෝග විනිශ්චය ප්‍රමාද වීම රෝගියාගේ ජීවිතයට තර්ජනයක් විය හැකිය.
මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් වන අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 49කි. මේ අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (16) සිට දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.














